සමාජ මාධ්‍ය සහ වෙනත් මාර්ග ඔස්සේ විදේශ රැකියා අපේක්ෂිතයින් මිනිස් වෙළඳාමට හා විවිධ වංචාවන්ට හසුවීම වැඩි වශයෙන් දැකිය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පවසයි.
ඒ හේතුවෙන් මිනිස් වෙළඳාමට එරෙහි නීතිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සහ විමර්ශන සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට එම කාර්යංශය තීරණ කර ඇත.
එහි පළමු වැඩසටහන පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වූ බව ඔවුන් නිවේදනය කරයි.
ප්‍රදේශයේ ජනතාවට වඩාත් සමීප, ප්‍රාදේශීය වශයෙන් නීතිය බලාත්මක කරන කණ්ඩායම වන පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම මඟින් ජනතාව වෙත වඩාත් නිවැරදි හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකි වනු ඇතැයි එම කාර්යංශයේ අපේක්ෂා කරයි.
වර්තමානයේදී ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන අතර එම පිරිස් වංචාකරුවන්ට හසුවීම වැළැක්වීම හා වංචාකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීතිමය පසුබිම පැහැදිලි කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහනේ අරමුණ වේ.