Sri Lanka
චීන තාක්ෂණය යළි යළිත් ලොවට කියා පෑ ලොව ප්‍රථම මිනිසුන් රහිත ගුවන් යානය
43 | 2026-02-03 12:41 PM
චීන අභ්‍යවකාශ තාක්ෂණයෙන් නිපදවූ ගුවන් නියමුවෙකු හො කිසිදු නිලධාරියෙකු නොමැතිව විශාල භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන වර්ගයට අයත් ලොව ප්‍රථම මිනිසුන් රහිත Cai Hong YH-1000S නම් දෙමුහුන් ගුවන් යානය චීනයේ Chongqing නගරයේදී සිය ප්‍රථම ගුවන් ගමන සාර්ථකව නිමකර තිබේ. Cai Hong YH-1000S යානය, චීන අභ්‍යවකාශ තාක්ෂණයෙන් ගුවන් ගමන් සඳහා වන සුදුසුකම් සහ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදය කරන ලද විශාල ප්‍රමාණයේ මිනිසුන් රහිත ප්‍රවාහන ගුවන් යානයකි. මෙම යානා මගින් ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය, හදිසි අවස්ථා සඳහා ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ව්‍යසනකාරී අවස්ථා පාලනයට සහාය වීම, සාගර නිරීක්ෂණය යන ක්ෂේත්‍රයන්හි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි බව සඳහන්වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ