Sri Lanka
වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කරන්න එපා - බලශක්ති ඇමති
28 | 2026-02-03 06:15 PM
වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටියි. ආනයනික ගල්අඟුරු ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසුවේ 2023 පිරිවිතර ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව ක්‍රියා කළ බවය. ගල්අඟුරු ආනයනයේදී ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතර ක්‍රමවේද වෙනස් නොකළ බවත් ගල් අඟුරුවල ගුණාත්මක තත්ත්වය පිළිබදව විශේෂ තත්ත්වයක් මතුවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග ටෙන්ඩර්/ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ අඩංගුවන බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඒ අනුව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තවද ගල් අගුරු සැපයීම් හෝ ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටළු විසදීම සම්බන්ධව අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයට අනුකූල ක්‍රමවේදයක් ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ අඩංගු බවත් ක්‍රියාත්මක වී ඇත්තේ ඒ අනුව බැවින් සාවද්‍ය ප්‍රකාශ නොකරන ලෙස තමා විපක්ෂ මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටින බවද බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වැඩිදුරටත් ප්‍රකාශ පැවසීය. වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, "කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිටපු රෙජීමයේ ඥාති සම්බන්ධතා තිබු සමාගමක් එම සම්බන්ධතා භාවිතා කරමින් ගල් අගුරු සැපයීම සිදුකරමින් සිටියා. මෙවර ඔවුන්ද ටෙන්ඩරයට සහභාගි වුනත් ටෙන්ඩරය ලබාගත නොහැකි වුණා. සමහරු කතා කරන්නේ ඔවුන් වෙනුවෙන්. හදිසි අවශ්‍යතාවක් මතුවුනොත් ගල්අඟුරු මිලදී ගැනීමක් සඳහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබාදීලා තියෙනවා. එහෙම මිලදී ගැනීමක් කළත් ඉන් අලාභයක් සිදුවෙන්නේ නෑ. දැනට නැව් තොග 6ක් වරායට ඇවිත් තියෙන්නේ. පළමු සහ තෙවැනි තොගවල යම් වෙනස්කමක් ඇතත් ඉතිරිය අවශ්‍ය මට්ටමට තියෙනවා."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ