ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාවට අයත් ප්‍රංශයේ කාර්යාල කිහිපයක වැටලීමක් සිදුකර තිබේ.
පැරිස් නගරයේ රයේ නඩු පවරණ ආයනයේ අධීක්ෂණය මෙම වැටලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැරිස් හි සයිබර් අපරාධ ඒකකය විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති බව වාර්තා වෙයි.
මෙම මෙහෙයුමට යුරෝපීය පොලිස් ආයතනය වන Europol ද සහාය ලබා දෙන බව සඳහන් වේ.
2025 ජනවාරි මාසයේදී X වේදිකාවේ algorithm ක්‍රියාකාරිත්වය සහ එය පරිශීලකයන්ට නිර්දේශ කරන අන්තර්ගතය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ආරම්භ කරන ලද විමර්ශනයක් සමඟ මෙම වැටලීම සම්බන්ධ වන බව නීතිපති කාර්යාලය පැවසීය.
ඒ අනුව, මෙම විමර්ශනයට අදාළව X හි හිමිකරු ඊලෝන් මස්ක් සහ එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය වූ ලින්ඩා යාක්කරිනෝ (Linda Yaccarino) අප්‍රේල් මාසයේදී නඩු විභාග සඳහා කැඳවා ඇති බවද වාර්තා වේ.