Sri Lanka
රු. කෝටි 6ක හෙරොයින් කිරිබත්ගොඩින් හසුවෙයි
17 | 2026-02-05 08:05 AM
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමග තායිලන්න ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීය. මෙලෙස පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 6කට ආසන්නය. පොලිසිය පැවසුවේ, ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'ඩුබායි දිල්රුක්' නමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවය. තායිලන්ත ජාතිකයෙකු හරහා ගුවනින් එම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවට සැකකරන බවද පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ