Sri Lanka
මානසික සෞඛ්‍ය පනත ගැන ඉඟියක්
16 | 2026-02-05 08:17 AM
මානසික සෞඛ්‍ය පනත කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙරට මානසික සෞඛ්‍ය සේවාව නිවැරදි හැරවුම් ලක්ෂයක පවතින බවත්, මෙරට මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වසර සියයක් පැරණි බව ද හංසක විජේමුණි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි සඳහන් කර තිබේ. එම නිසා මානසික සෞඛ්‍ය පනත කඩිනමින් ගෙන එන බවත්, එය නව්‍යකරණය කිරීමේ ක්‍රියාදාමයට අද වන විට එළඹ ඇති බවත් අමාත්‍යවරයා පවසයි. එය අසීරු කාර්යයක් වුවද ඒ සඳහා වන කෙටුම්පත් මූලික කටයුතු සඳහා පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලයට යොමූ කර ඇති බව ද, අනතුරුව ජනතා අදහස් ලබා ගැනීම සඳහා යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා එහිදි වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ