Sri Lanka
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අද සිට අවස්ථාව
16 | 2026-02-05 08:29 AM
ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ. හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව හිමිවනු ඇත. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් මෙම ධාතූන් වහන්සේ සොයාගන්නා ලදී. බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ ඒම සර්වඥධාතුන් වහන්සේ ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනය කරනු ලබන පළමු අවස්ථාව මෙය වෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදුව තිබේ. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ”සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) දිනයේ සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීම සිදු කළේය. සර්වඥ ධාතු වන්දනාව පැවැත්වෙන කාලසීමාව තුල ගංගාරාම විහාරස්ථානයේ මෙන්ම ඒ අවට විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පැවසීය. මේ අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරන සැදැහැවතුන් සදහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට අද සිට විශේෂ දුම්රිය ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ලබන 10 වන දින දක්වා මෙම දුම්රිය ධාවනය කෙරෙන අතර අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ