Sri Lanka
පිහිණුම් තටාකයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
16 | 2026-02-05 11:25 AM
අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පිහිණුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මියගොස් තිබේ. මරණකරු තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් එහි හෝටලයක පිහිණුම් තටාකයේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. මියගොස් ඇත්තේ 52 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අවිස්සාවේල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ