Sri Lanka
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පැසසුම්
8 | 2026-02-05 11:30 AM
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට තම ස්තූතිය පිරිනමන බවත් කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යංග් පවසයි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර පසුගියදා පැවැති හමුවකදී ඔහු මේ බව පැවසුවේය. එහිදී අමාත්‍යවරයා කොරියාවේ ශ්‍රමික වෙළ‍‍ඳපොළ තුළ ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින්ට ලබාදී ඇති අවස්ථාව පිළිබඳව එරට රජයට සිය ස්තූතිය පළ කළේය. එමෙන්ම ඉතා හොඳ පුහුණු ශ්‍රමික බලකායක් ශ්‍රී ලංකාව සතුව පවතින බව ද අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියේය. ඒ හේතුවෙන් කොරියානු ආයෝජකයින්ට ලංකාවේ ආයෝජනය කිරීම තුළින් එම ශ්‍රමිකයින්ගේ දායකත්වය ඉතා පහසුවෙන් ලංකාව තුළදී ලබාගෙන ලාංකික ශ්‍රම දායකත්වයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා ප්‍රමුඛ කොරියානු නියෝජිත පිරිසේ අවධානය යොමු කරන ලදී. ශ්‍රී ලංකාව වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගන්නා කාලය වැනි දුෂ්කර කාලයක් කොරියාව ද පසු කළ බවත් මෙම තත්ත්වය ඉතා කඩිනමින් මඟ හරවාගෙන තම රට මෙන් දියුණු ආර්ථිකයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ලී හැක් යංග් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කොරියානු නියෝජිත පිරිස හා අමාත්‍යවරයා විසින් දෙරටටම බලපානු ලබන වීසා ගැටලු විසඳා ගැනීම පිළිබඳවත් වසර 50 ක් පැරණි ශ්‍රී ලංකා - කොරියා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ