Sri Lanka
නිදහස් දිනය දා සිදු වූ මනුෂ්‍ය ඝාතනය
7 | 2026-02-05 11:40 AM
කොළඹ, ආදුරුප්පුවීදිය පොලිස් වසමේ කදිරේෂන් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ. මිය ගොස් ඇත්තේ, 48 හැවිරිදි ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව මරණකරු සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (04) මෙම පහරදීම සිදුව ඇති බවට අනාවරණවී ඇත. සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට ආදුරුප්පුවීදිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ