Sri Lanka
තරුණයින් දෙදෙනෙක් දුම්රියට බිලිවෙයි
54 | 2025-10-06 10:31 AM
කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි. මේ අතර මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී ද දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත. තලෛයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිව 32 හැවිරිදි අයෙකි

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ