Sri Lanka
නුවරඑළියත් Agoda ගමනාන්ත ලැයිස්තුවට
22 | 2026-02-05 03:50 PM
ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda වෙබ් අඩවිය මේ වසර සඳහා නම් කළ ''හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට'' ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළියත් ඇතුළත් කර තිබේ. මිලියන සංඛ්‍යාත පිරිසක් පරිශීලනය කරන Agoda වෙබ් අඩවිය, ලෝකයේ විශාලතම සංචාරක වෙබ් අඩවි අතරින් එකකි. ඔවුන් එමගින් නුවරඑළිය හඳුන්වාදී ඇත්තේ පුංචි එංගලන්තය ලෙසය. සෞම්‍ය කාලගුණයක් ඇති නුවරඑළිය උසස් තත්ත්වයෙන් යුතු තේ වගාකිරීම සම්බන්ධව කීර්තියක් උසුලයි. එහි හරිත පැහැ තේ වගාවන් සහ යටත්විජිත කාලයට අයත් ගොඩනැගිලි අතර සංචාරය කිරීම තුළින් සංචාරකයින්ට වඩාත් විනෝදාත්මක අත්දැකීමක් විඳගත හැකි බව Agoda වෙබ් අඩවිය පෙන්වා දී ඇත. Agoda කඳුකර ගමනාන්ත ලැයිස්තුවට නුවරඑළිය නගරයට අමතරව ඉන්දියාවේ ශිම්ලා කලාපයත්, එරට මුන්නාර් කඳුකරයත්, මැලේසියාවේ කැමරූන් උස් කඳුකරයත් ඇතුළත් වේ. එමෙන්ම ඒ අතරට වියට්නාමයේ සපා කඳුකරය , ප්‍රංශ යටත්විජිත ආභාසය ලත් ඩලාත් , ඉන්දුනීසියාවේ බන්ඩුන් කලාපය මෙන්ම භූතානයේ තිම්පු පුරවරයත් ඇතුළත්ව ඇත. භාෂා 39කින් සේවා සපයන Agoda වෙබ් අඩවිය ඔස්සේ ලැයිස්තුගත කර ඇති හෝටල් සහ සංචාරක නවාතැන් පොළ සංඛ්‍යාව මිලියන 6කට අධිකය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ