Sri Lanka
විදුලිය ගාස්තු අඩු කිරීම ගැන ඇමතිගෙන් පොරොන්දුවක්
15 | 2026-02-05 03:55 PM
පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල සියයට 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (05) අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේ, දැනටමත් විදුලි ඒකකයක් සඳහා යන වියදමේ සාමාන්‍යය රුපියල් 37 සිට රුපියල් 29 දක්වා අඩු කර ඇති බවය. "විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. අපේ සැළසුම ඒ අගය රුපියල් 25දක්වා ගේන්නයි. ඒක කරලා වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකරන්න අපි පොරොන්දු වුන විදියට කටයුතු කරනවා."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ