Sri Lanka
වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොලැබෙන ලකුණු?
13 | 2026-02-06 07:40 AM
වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩිකර ලබාදීමට වතු සමාගම් විසින් දිනකට තේ දළු කිලෝ 25ක් ලබාදෙන ලෙස වතු සේවකයන්ගෙන් ඉල්ලීම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිවන් ඔහු සඳහන් කළේ, වැටුප වැඩිවීමට පෙර පැවතියේ කිලෝ 20ක ප්‍රමාණයක් බවය. "වතු සේවක වැටුප සම්බන්ධයෙන් ආණ්ඩුව කියලා තියෙනවා රුපියල් 400ක් දෙන්න කියලා. මේ මාසේ 10 වෙනිදා තමයි ඒක හම්බෙන්නේ. නමුත් පඩි වැඩිකරන්න කියපු ගමන් කොම්පැනි කට්ටිය දැන් කිලෝ 20ක් ගත්ත කට්ටිය 25ක් ගෙන්න කියනවා. වත්තේ කළමණාකරුවන්ට ඕන විදිහට වත්තේ වැඩ නතර කරනවා. අද මස්කෙළියේ වත්තක 7 දෙනෙකුගේ වැඩ නතරකලා. වැඩ නතර කරපුවාම කොහොමද ජීවත් වෙන්නේ ඒ අය. ඒ නිසා මම ආණ්ඩුවට කියන්න කැමතී වහාම මේ කොම්පැනි එක්ක සාකච්ඡා කරලා මේකට විසඳුම් දෙන්න. එහෙම නැතිනම් අපිත් එකක් තරහා වෙන්න එපා අපි වෘත්තීය සමිති එකතු කරගෙන අපි උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා. වැඩවර්ජන පටන් ගන්නවා. අපිට කරන්න දෙයක් නැහැ. අපි බලයේ ඉන්නකොට මේ වගේ කම්පැනිකාරයේ නැටුවේ නැහැ. කම්පැනිවලට හොඳ ලාභ තියෙනවා. කම්පැනිකාරයෝ බොරු කියන්නේ. ලාභ නැත්නම් කම්පැනි දීලා යන්න පුළුවන්නේ. ඒ බොරුව කරන්නේ. හැමතිස්සෙම ලාභ විතරයි බලන්නේ."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ