Sri Lanka
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
10 | 2026-02-06 07:45 AM
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. සිව්දෙස අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවය. පෙත්සමේ සඳහන්වෙන්නේ, කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ වුවත්, එහි සංග්‍රහණය නිසා ඉඩම් හිමියන්ට සහ නිවාස හිමියන්ට අගතියක් සිදුවන බවය. එමෙන්ම, අදාළ පනත් කෙටුම්පතේ අංක 01 සිට 14 දක්වා වූ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංශ 3 සහ 4 මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරු චෝදනා කර ඇත. ඒ අනුව, අදාළ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දීමට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ