Sri Lanka
මාලදිවයින් මහ කොමසාරිස්වරයා ආරක්ෂක ලේකම් හමුවෙයි
14 | 2026-02-06 08:05 AM
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් H.E. Masood Imad මහතා, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය. ඊයේ (05) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී එම හමුව සිදුව තිබුණි. මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡා පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. දෙරට අතර සමීප සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දුන් ආරක්‍ෂක ලේකම්වරයා, මාලදිවයින සමඟ පවතින ආරක්‍ෂක සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළිත් තහවුරු කළේය. මෙම සාකච්ඡාව සඳහා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Fathimath Ghina මහත්මිය ද සහභාගී වූවාය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ