Sri Lanka
රුසියා - යුක්‍රේන දෙවැනි වටයේ සාම සාකච්ඡා අවසන්
12 | 2026-02-06 11:00 AM
රුසියානු යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාවේ මැදිහත්වීමෙන් පවත්වන ත්‍රෛපාර්ශ්වික දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වුණි. අමෙරිකාවේ මැදිහත්වීමෙන් පැවැත්වුණු එම සාකච්ඡා වටය ඊයේ අවසන් වුණා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබි නුවරදීය. එහිදී දෙපාර්ශ්වය අතර මහා පරිමාණ සිරකරු හුවමාරුවක් සම්බන්ධව එකඟතාවක් පළවී ඇති අතර, යුද්ධයේ ප්‍රධාන මාතෘකාවන් වූ සටන්විරාමයක් ඇතිකරගැනීම සහ භූමිය බෙදාගැනීම සම්බන්ධව ද සාකච්ඡා වී තිබුණි. ජාතික අභිමානයට හානියක් නොවන පරිදි දිගුකාලීන සාමයක් උදෙසා සාකච්ඡාවලට සම්බන්ධ වූ බව යුක්‍රේන නියෝජිතයින් පවසා තිබේ. එමෙන්ම මැදිහත්කාරී රාජ්‍යයන් ලෙස අමෙරිකාව සහ එමීර් රාජ්‍යය ලබාදෙන දායකත්වය ඇගයීමටත් යුක්‍රේනය කටයුතු කර තිබුණෙි. මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත කිරිල් දිමිත්‍රෙෆ් පවසා තිබුණේ සාකච්ඡා ධනාත්මක සහ සාර්ථක ලෙස සිදුවෙමින් ඇති බවය. කෙසේ නමුත් සාකච්ඡාවලදී අත්පත් කරගත් ප්‍රගතිය සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් අනාවරණ කර නැත. යුක්‍රේන, රුසියා සහ අමෙරිකානු සාකච්ඡාවල පළමුවටය පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින අබුඩාබි හිදී පැවැත්වුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ