Sri Lanka
හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කතක් අත්අඩංගුවට
10 | 2026-02-06 11:40 AM
හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකාරියක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් බොරලැස්ගමුව, නිර්මල මාවත ප්‍රදේශයේදී ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව නිවාස සංකීර්ණයක තාවකාලික නිවසක් ලබා ගෙන සිටියදී අත්අඩංගුවට පත්ව ඇත. එහිදී ඇය සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17ක් හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් සොයාගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රු. කෝටි එක හමාරකට අධික බව සඳහන්. සැකකාරිය වයස අවුරුදු 31 ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. ඇය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඇය වරෙන්තු 04ක් නිකුත් වී සිටි සැකකාරියක් බවය. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ