Sri Lanka
මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
12 | 2026-02-07 08:15 AM
ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මතවී තිබේ. අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 02ක් පමණය. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා විසින් ඡන්දයක් ඉල්ලා සිටින ලදී. ඒ අනුව පනත් යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වම් අඩෛක්කලනාදන් යන මහත්වරුන් ඊට විපක්ෂව ඡන්දය ලබා දුන්නහ. මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 80 යෝජනා සම්මතය වැඩි ඡන්ද 104කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා දැනුම්දුන්නේය. මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා ඒකමතිකව සම්මත කරගන්නා ලදී.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ