Sri Lanka
ලොව වැඩිම ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් හිමි රට බවට චීනය‍ පත්වෙයි
13 | 2026-02-07 08:20 AM
ලොව ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් වැඩිම ප්‍රමාණයක් හිමි රට බවට චීනය පත්ව ඇත. චීන ජාතික වන සම්පත් හා තෘණභූමි පරිපාලන දෙපාර්තමේන්තුව ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. ඒ, 1985-2025 චීනයේ ලෝක ස්වාභාවික උරුම ආරක්ෂණ හා සංවර්ධන වාර්තාව නිකුත් කරමිනි. එම වාර්තාව මගින් චීනයේ ස්වාභාවික උරුමයන් සම්බන්ධව පළමු වරට පූර්ණ ඇගයීමක් සිදු කර ඇත. චීනය සතුව ඇති සියලු ස්වාභාවික උරුමයන් ඉතා යහපත් තත්ත්වයෙන් ආරක්ෂිතව පවතින බව එහි දැක්වේ. එම වාර්තාවෙහි දත්තයන්ට අනුව, මේ වනවිට චීනයේ ලෝක ස්වාභාවික උරුමයන් 15ක් මෙන්ම සංස්කෘතික උරුමයන් 4ක් තිබේ. ඒ අනුව චීනය ලොව වැඩිම ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් හිමි රට බවට පත්ව ඇති බව චීන ජාතික වන සම්පත් හා තෘණභූමි පරිපාලන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ