Sri Lanka
රේස් ගිය බස් දෙකෙන් එකක රියදුරෙක් ගංජාවලට ඇබ්බැහි වූවෙක්
14 | 2026-02-07 08:25 AM
අධික වේගයෙන් යුතුව තරගයට ධාවනය කළ බස් රථ දෙකක් කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වෙට්ටුමකඩ මංසන්දියේ දී අනතුරට ලක් වී තිබේ. එක් බස් රථ රියදුරෙකු පිළිබඳව පොලීසියට ඇති වූ සැකයක් මත ඔහුව කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු ගංජා පානයට ඇබ්බැහි වූවකු බවය. ඒ අනුව අදාළ රියදුරු කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ