Sri Lanka
කොළඹ ග්‍රීන් පාත් පරිශ්‍රයේ රථවාහන ධාවනය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
14 | 2026-02-07 08:40 AM
කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසමට අයත් ආනන්ද කුමාරස්වාමි මාවතේ ග්‍රීන් පාත් පරිශ්‍රයේ ඊයේ (06) රාත්‍රියේ සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසියෙන් නිවේදනය කර තිබේ. එම පරිශ්‍රය තුළ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ හේතුවෙන් ඇතිවිය හැකි රථවාහන තදබදය පාලනය කිරීම සඳහා ඊයේ (06) රාත්‍රී 10.00 සිට පෙබරවාරි 09 වනදා අළුයම 04.00 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව ආනන්ද කුමාරස්වාමි මාවතේ පුස්තකාල වටරවුම සිට හෝර්ටන් වටරවුම දක්වා (විහාරමහා දේවී උද්‍යානයට සමාන්තරව ඇති මාර්ගය) එක් මංතීරුවක පමණක් කොළඹට ඇතුල් වීමට සහ කොළඹින් පිටවීමට හැකිවන පරිදි රථ වාහන කේතු යොදා වෙන් කිරීමට කටයුතු කරන බව පොලීසිය දන්වා සිටී.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ