Sri Lanka
ලොරියක ගැටුණු පාසල් සිසුවිය මරුට
12 | 2026-02-07 08:50 AM
මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් එම පාසල් සිසුවිය මියගොස් තිබේ. ඇලපාත පොලිස් වසමේ කනාදොල ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේදී ඊයේ (06) දහවල් කාලයේදී මෙම අනතුර සිදුවී ඇත. පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ සිසුවිය රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවය. මියගිය සිසුවිය වයස අවුරුදු 11ක් වූ අලුකැටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනතුර සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ