Sri Lanka
2025දී මත්ද්‍රව්‍ය හා අවි ආයුධ වැටලීම්වල ඉහළ යාමක් - පොලිස්පති
9 | 2026-02-07 12:10 PM
මත්ද්‍රව්‍ය හා අවි ආයුධ විශාල ප්‍රමාණයක් 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී සොයා ගැනීමට හැකිවූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ, 2025 වසර තුළ ශ්‍රී ලංකා පොලීසියේ සමස්ත කාර්ය සාධනය සියයට 50 සිට 60 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී අවි ආයුධ වැටලීම් දෙගුණයකින් වැඩි වී ඇති අතර, මත්ද්‍රව්‍ය වැටලීම් තුන්ගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බවය. එය ශ්‍රී ලංකා පොලීසියේ ඉතිහාසයේ වාර්තාගත ඉහළ මට්ටමක් බවද ඔහු සඳහන් කළේය. පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව අඩුවී තිබුණද, නිරන්තර අධීක්ෂණය, නිලධාරීන්ගේ කැපවීම, සහ ඔවුන් කරන රාජකාරි නිසි ලෙස ඇගයීම හේතුවෙන් පොලිස් සේවයේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව පොලිස්පතිවරයා අවධාරණය කළේය. එසේම, රථවාහන වැරදි සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීම සහ වෙනත් අපරාධ විමර්ශන කටයුතුද සියයට 60 දක්වා වර්ධනය වී ඇති බවත්, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මඟින් දිගුකාලීනව පැවති නිලධාරීන්ගේ ගැටලු විසඳා, 4,500කට අධික උසස්වීම් ලබාදීමට හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ