Sri Lanka
දෛනික පොලිස් මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 422ක් අත්අඩංගුවට
13 | 2026-02-07 12:20 PM
පොලීසිය විසින් දෛනිකව සිදුකරන සෝදිසි මෙහෙයුම් අනුව ඊයේ (06) දිනයේදී පුද්ගලයින් 27,430 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ, එම සෝදිසි මෙහෙයුම් මඟින් සැක පිට පුද්ගලයින් 524 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. තවද, වරෙන්තුකරුවන් 309 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 156 දෙනෙකු ද මෙම සෝදිසි මෙහෙයුම් මඟින් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සෝදිසි මෙහෙයුම් අතරතුර බීමත් රියදුරන් 422 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම යටතේ රියදුරන් 79 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත. ඒ අතර, වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,826 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය කටයුතු කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ