Sri Lanka
පරිගණක අපරාධ වැළැක්වීමට නව පොලිස් කොට්ඨාසයක්
13 | 2026-02-07 04:45 PM
පරිගණක ආශ්‍රිත අපරාධ (Cyber Crime) වැළැක්වීම සඳහා නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඊයේ (06) පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ වර්තමානයේ ඉහළ යමින් පවතින අපරාධ ස්වභාවයන් පිළිබඳ අදහස් දක්වමිනි. ඔහු පෙන්වා දුන්නේ, දිනකට පරිගණක ආශ්‍රිත අපරාධ 23ත් 25ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර, එය සැලකිය යුතු ඉහළ සංඛ්‍යාවක් බවය. එම අපරාධ කාර්යක්ෂමව විමර්ශනය කර විසඳාගැනීම සඳහා අවශ්‍ය නව තාක්ෂණය, විශේෂ දැනුම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නවීකරණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොලීසිය ඉතා විශිෂ්ඨ, කාර්යක්ෂම සහ අදූෂිත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය. එමෙන්ම දක්ෂ නිලධාරීන්ට ඉහළට යා හැකි සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමත්, වැරදි කරන නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත් කිරීම සඳහා ක්‍රමවේද සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ