Sri Lanka
ලංගම බස් රථ රියදුරාට පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා පහරදෙයි
14 | 2026-02-07 05:30 PM
ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් පහරදී තිබේ. හැටන් ලංගම ඩිපෝවේ ධාවන කලමණාකාරවරයා සඳහන් කළේ, මෙම පහරදීම අද (07) පෙරවරුවේ සිදුව ඇති බවය. ඩයගම සිට පෙරවරු 6:30ට ගමන් ආරම්භ කරන ලද බස් රථය හැටන් දක්වා ධාවනය කරවන අවස්ථාවේ එයට පිටුපසින් හබා ආ පෞද්ගලික බස් රථයේ රියදුරා විසින් ලංගම බස් රථය හරස් කර රියදුරු අසුනේ දොර විවෘත කර පහරදී ඇති බව ඔහු කියාසිටියේය. ලිදුල මෙරායා නගරය ආසන්නයේදී මෙම පහරදීම සිදු කර ඇත්තේ, ලංගම බස් රථය විනාඩි 5කට පෙර ධාවනය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙනය. පෞද්ගලික බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම පහරදීම සිදු කර ඇති බව හැටන් ලංගම ඩිපෝවේ ධාවන කලමණාකාරවරයා ප්‍රකාශ කළේය. ලංගම බස් රථයේ රියදුරාට පහර දෙන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුලු විශාල පිරිසක් සිට ඇත. මෙම පහරදීම බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත නිතුක් කර ඇති බව ධාවන කලමණාකාරවරයා කියා සිටියේය. පහර දීම සම්බන්ධයෙන් ලිදුල පොලිසියට පැමිණිල්ලක්ද සිදු කරන බව ධාවන කළමණාකාරවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ