Sri Lanka
මෝදි සහ මැලේසියානු අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
11 | 2026-02-09 09:00 AM
මැලේසියාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් අතර ඊයේ (08) ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. එහිදී ආපදා කළමනාකරණ, සාම සාධක සහ තාක්ෂණික ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව සහයෝගිතා ගිවිසුම් ද හුවමාරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. දෙදින රාජ්‍ය සංචාරයක් අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැලේසියාව වෙත පැමිණියේ පෙරේදා (07) දිනයේදී ය. ඉන්දියාව සහ මැලේසියාව අතර දේශපාලන සහ ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම සහ සහයෝගීතාවය වර්ධනය කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් වේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ඉන්දීය අගමැතිවරයා පවසා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීම, බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සහ සමුද්‍රීය ආරක්ෂාව ආදී ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කරගැනීමට දෙරටම අපේක්ෂා කරන බවය. එමෙන්ම ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමෙන් මැලේසියාවට වැඩි ආර්ථික ප්‍රතිලාබ ලැබෙන බව මැලේසියානු අග්‍රාමාත්‍ය ඊබ්‍රහිම් මෙහිදී පවසා සිටියේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ