Sri Lanka
වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ පැමිණිල්ල විභාග කිරීමට තීරණයක්
11 | 2026-02-09 09:10 AM
වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාව තීරණය කර තිබේ. වැඩතහනමට ලක් වූ නියෝජ්‍ය මහලේකම්වරයා කථානායකවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේය. ඒ අනුව පසුගියදා රැස්වූ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. එහිදී මෙම පැමිණිල්ල සම්බන්ධව සාකච්ඡාවට ලක්ව ඇති බවද සඳහන් විය. ඒ අනුව එහිදී මෙම පැමිණිල්ල ඉදිරියේදී විභාගයට ගැනීමට තීරණය වී ඇත. මේ අතර වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක්ද විභාග කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ