Sri Lanka
නොකළ වරදකට වන්දිගෙවා නිසොල්මනේම දෑස් පියාගත් සද්ධන්තයා
14 | 2026-02-09 09:40 AM
ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ හක්ක පටස් කෑ වනඅලියෙකු මියගොස් තිබේ. මොරවැව D-9 යාය ප්‍රදේශයේ වැටී සිටියදී මෙම වනඅලියා සොයාගෙන ඇත. වයස අවුරුදු 08ක් පමණ වයසැති මෙම වනඅලියා දින කිහිපයකට කීපයකට ඉහතදී හක්ක පටස් කා රෝගාතුරවී තිබේ. ඒ අනුව ආහාර ගැනීමට නොහැකිව සිටියදී එම සත්ත්වයා, පශු වෛද්‍යවරයා පැමිණෙන විට මරණයට පත්ව ඇති බව සඳහන්. ප්‍රදේශයේ සිටින දඩයක්කරුවන් විසින් ඌරන් මැරීම සඳහා මෙම හක්ක පටස් යොදා ගන්නා බව වනජීවි නිලධාරීන් පවසන අතර, එලෙස ඇටවූ උගුලකට මෙම වනඅලියා හසුවන්නට ඇතැයි ඔවුන් අනුමාන කරයි. මරණ පරීක්ෂණය මහවැලි කලාප භාර වනජීවී පශු වෛද්‍ය කලිඳු ආරච්චි මහතාගේ උපදෙස් පරිදි සිදුකර වළ දැමීමට කටයුතු කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ