Sri Lanka
ශ්‍රී ලංකාවෙන් අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක්
15 | 2026-02-09 10:10 AM
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක් හිමිවිය. 'B'කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරගය ලෙසින් මෙය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා ඉනිම වේගයෙන් ඔසවා තැබූ කමිඳු මෙන්ඩිස් පන්දු 19කින් ලකුණු 44ක් රැස්කිරීමට සමත් වූ අතර, එම ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඇතුළත් විය. ඔහු කුසල් මෙන්ඩිස් සමගින් 5වන කඩුල්ලට පන්දු 30කින් ලකුණු 67ක සබඳතාවක්ද ගොඩනැගූහ. ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටි කුසල් වටිනා ලකුණු 56ක් ශ්‍රී ලංකා ඉනිමට කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ