Sri Lanka
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි
10 | 2026-02-09 10:35 AM
තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට හපුතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. පොලිසිය සඳහන් කළේ ඊයේ (08) සවස් කාලයේ හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් වූ පිටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරුට අයත් වගා භූමියක් තුළදී මෙම ඝාතනය සිදුවී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඝාතනයට හේතුව හා සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. හපුතලේ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ