Sri Lanka
ආපදාවෙන් හානිවූ සත්ත්ව ගොවිපොළ වන්දි - රු. ලක්ෂ 32,000ක් ගෙවා අවසන්
10 | 2026-02-09 10:45 AM
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළවල් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 32,000කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කර සිටියේය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගවයන්, ඌරන්, එළුවන්, බ්‍රොයිලර් සහ ලේයර් කුකුළන් විනාශ වූ ගොවිපොළවල් සඳහා මෙම වන්දි මුදල් ලබා දුන් බවය. එමෙන්ම මෙම වන්දි ගෙවීම්වලට අමතරව ගොවීන්ට සහනයක් සැලසීම සඳහා පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ බවත් ඒ සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්ෂ 25,000ක මුදලක් ලබා දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මෙම එන්නත්කරණ ක්‍රියාවලියේ අරමුණ, සතුන් ලෙඩරෝගවලින් ආරක්ෂා කර ගැනීම වන අතර එය මාස 2ක පමණ කාලයක් ඇතුළත සිදු කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද නාමල් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම ආපදා හේතුවෙන් විනාශ වූ ගොවිපොළවල් ප්‍රතිසංස්කරණය කර ගැනීමට ද අවශ්‍ය කරන සහයෝහය ලබා දෙන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ