Sri Lanka
තැපැල් ගාස්තු සංශෝධනය අද සිට
12 | 2026-02-09 10:50 AM
තැපැල් ගාස්තු සංශෝධනයන් අද (09) සිට ක්‍රියාත්මක කරන බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටී. ඒ අනුව මෙතෙක් පැවැති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල් 50 සිට 70 දක්වා ඉහළ දමා ඇති අතර ලියාපදිංචි තැපැල් ගාස්තුව පෙර පැවති රුපියල් 60 මිලෙහිම පවතියි. සාමාන්‍ය සහ ව්‍යාපාරික ලිපි සේවාවේ මුලික බර පංතිය ග්‍රෑම් 20 සිට ග්‍රැම් 30 දක්වා සංශෝධනය කර ඇති අතර පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා සංශෝධනය කර ඇති බව ද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පුණ්‍යොයතන, සමාජ සේවා, ස්වෙච්ඡා සංවිධානවලින් තැපැල් කරන ලිපි සදහා මෙතෙක් අය කළ රුපියල් 30ක ගාස්තුව රුපියල් 50 දක්වාද ඉහළ දමා තිබේ. අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත තැපැල් භාණ්ඩ ලියාපදිංචිය වෙනුවෙන් ලබාදෙන විශේෂ සේවාව යටතේ අයකළ ගාස්තුව රුපියල් 110 සිට 130 දක්වා ඉහළ දමා ඇති අතර තැපැල් පතක ගාස්තුව රුපියල් 20 සිට 40 දක්වා ඉහළ දමා ඇත. කෙසේවෙතත් සාමාන්‍ය පාර්සල් ගාස්තුව සහ ශ්‍රී ලංකා පෝස්ට් කුරියර් සේවාව සඳහා අයකරන ගාස්තු, සංශෝධනය නොකරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය. ඊට අමතරව තැපැල්පත් ගාස්තු ප්‍රචාරණ තැපැල් සේවාව, ටෙලිමේල් සේවාව, මුද්දර කවර, තැපැල් මළු සේවාව, ගාස්තු නොගෙවූ හෝ අඩුවෙන් ගාස්තු ගෙවූ තැපැල් භාණ්ඩ සදහා අවම අධි භාරය ද සංශෝධනය කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ