Sri Lanka
සා.පෙළ සමත් සිසුන් 300කට ඉන්දියාවෙන් ආධාර
14 | 2026-02-09 03:15 PM
බලාපොරොත්තු වන වෙනස තමන් තුළින්ම ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, 14 වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අමතමිනි. මෙහිදී 2020/21 වර්ෂයන් අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ තෝරාගත් සිසුන් 300 දෙනෙකුට මූල්‍ය සහාය ලබාදීම සිදු කෙරිණි. "අපි වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් වෙනස ආරම්භ වෙන්න ඕනේ අපි තුළින්. අපි වෙනස්වෙලා තමයි, අපි බලාපොරොත්තු වෙන වෙනස ලබාගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනසේ, ඔබ නායකත්වය ගන්න. ඒ වෙනස සිද්ධ කරන්න නම් ඒ වෙනස ඔබ තුළින් පටන් ගන්න වෙනවා. ඔබ මොන වගේ රටක් ද නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නේ. ඔබ මොන වගේ සමාජයක් තුළ ද ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ, ඔබ බලාපොරොත්තු වෙන වෙනස ඔබ තුළ තියෙනවා ද කියලා අපි මුලින් හිතලා බලන්න ඔනේ. ඒ වෙනස වෙනුවෙන් පෙනී ඉඳලා තමයි අපිට සමාජයත්, රටත්, ලෝකයත් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. මේ මොහොතේ අපේ අධ්‍යාපන පද්ධතිය තුළ ආර්ථිකයේ හැම අතින්ම පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වැඩ කරමින් ඉන්න මොහොතක්."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ