Sri Lanka
අනවසරයෙන් පුද්ගලයින් වීඩියෝකළ ලාංකිකයෙකු කැනඩාවේදී අත්අඩංගුවට
10 | 2026-02-09 05:10 PM
අවසරයකින් තොරව පුද්ගලයින්ට හිරිහැර කර වීඩියෝ දර්ශන ලබා ගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ටොරොන්ටෝ පොලිස් සේවය ප්‍රකාශ කරන පරිදි අත්අඩංගුවට ගත් සැකකරු 2025 දෙසැම්බර් 10 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර 2026 පසුගිය පෙබරවාරි 4 සැකකරු ඔන්ටාරියෝ අධිකරණයේ පෙනී සිට ඇත. 45 හැවිරිදි සැකකරුට ටොරොන්ටෝ පොලීසිය විසින් කරුණු හතරක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ. කැනඩාවේ අපරාධ නීති සංග්‍රහය යටතේ, සාපරාධී හිරිහැරයක් සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍රයක් මගින් නඩු පවරනු ලැබුවහොත් උපරිම වශයෙන් වසර 10ක සිරදඬුවමක් නියම කළ හැකි බව සඳහන් වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ