Sri Lanka
පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර
10 | 2026-02-09 05:30 PM
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සිදුකරන පාසල් ප්‍රතිසංවිධාන‍ ක්‍රියාවලියේදී මතු වන ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට, පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී මතුව ඇති ගැටලු අවම කරමින් විධිමත් ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කිරීමට "සිසු සැරිය" පාසල් ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායිව යොදවා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇත. පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ⁣ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වූ බව සඳහන් වේ. පාසල් සිසුන් ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරී ඇති අතර ඊට අදාළ රෙගුලාසි කෙටුම්පත් මේ වන විට සකස් කර ඇති බැවින් එහි අඩංගු කරුණු පිළිබඳව හා ඒ සඳහා ඇතුළත් විය යුතු නව යෝජනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම ක්‍රමවත් කිරීම වෙනුවෙන් නීති රෙගුලාසි හඳුන්වාදීම, ළමා ආරක්ෂණය සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් පාසල් දරුවන් ප්‍රවාහනයේදී වාර්තා වෙන අපයෝජන සහ හිරිහැර නතර කිරීම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන්නන් සඳහා වෘත්තීයමයභාවය වැඩිදියුණු කරමින් වගකීම් සහගත සේවාවක් බවට පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ඒ වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සහ ළමා ආරක්ෂණ අධිකාරිය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ