Sri Lanka
දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනාගැනේ
9 | 2026-02-10 07:40 AM
දෛනිකව නව පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, 'පිළිකා කලින් හඳුනාගැනීමේ නව මධ්‍යස්ථානය' විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ ස්ථාපිත බෝවන රෝග සායන ගොඩනැල්ලේ පළමු මහලේ ස්ථාපිත කර ඇත. මේ වනවිට දිවයිනේ ප්‍රධාන රෝහල් 6ක් ආශ්‍රිතව එම මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවත් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වාර්තාවන පිළිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බව පෙන්වා දෙන වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේ, එම රෝගීන් පසු රෝගී අවධින් තුළ හමුවන බවය. එමෙන්ම දිනකට රෝගීන් 40කට පමණ ජීවිත අහිමිවීමේ තත්ත්වයකට ද පත්ව සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ අතර මෙරට සෑම දිනකට කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් ඉන් දිනකට තිදෙනෙක් මිය යන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙස ද වයස අවුරුදු 20-40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර තුනකට වරක් ද අවුරුදු 40කට වැඩිනම් වසරකට වරක් ද සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙස එම වැඩසටහන වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ