Sri Lanka
නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ කෘමි නාශක හා බීජ තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
13 | 2026-02-10 07:45 AM
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 80ක් වටිනා කෘමි නාශක හා බීජ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු හෙම්මාතගමදී අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී ලෙස තීරුබදු නොගෙවා රැගෙන විත් තිබූ මෙම කෘමි නාශක හා බීජ තොගය ගොවීන්ට අලෙවි කිරීමට ගබඩා කර තිබියදී කෑගල්ල නාරම්බැද්ද විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ඊයේ (09) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඉතා රහසිගතව සඟවා තබා තිබූ එම කෘමි නාශක තොගය සම්බන්ධයෙන් කල්පිටිය ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන් වෙයි. සැකකරුවන් හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44 සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයින් බව සඳහන් ය. සැකකරුවන් අධිකරණ කටයුතු සඳහා හෙම්මාතගම පොලීසිය වෙත භාරදී ඇති අතර අද (10) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ