Sri Lanka
විසිතුරු මල් පැළ 386ක් සමග 19 හැවිරිදි අයෙක් කටුනායකදී අත්අඩංගුවට
10 | 2026-02-10 12:40 PM
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (10) අලුයම රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකි. ඔහු අද (10) අලුයම 12.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ තිබී ප්‍රිලෝඩෙන්ඩ්‍රම්, ඇග්ලෝනිමා, ඇලොකේශියා සහ මොන්ස්ටෙරා වර්ගවල විසිතුරු මල් පැළ 386ක් සොයා ගෙන ඇත. මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ