Sri Lanka
මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව
10 | 2026-02-10 12:45 PM
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි. සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් සඳහන් කළේ ජනාධිපතිවරයා යටතේ කමිටුවක් පත් කරන බවට ඊයේ (9) දිනයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන්ට දැනුම් දුන් බවය. කෙසේ වෙතත් ඔවුන් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටින බව ද වැඩිදුරටත් පැවසීය. මේ අතර ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ වින්ච් මාදැල් ධීවරයින් ගොනුකර ඇති නඩුව පෙබරවාරි 27 වැනිදා යළි කැඳවන අතර ඉන් පසු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවය. ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව තහනමක් පැනවීය. ඒ කොරල්පර, මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වීම වැළැක්වීමට සහ සමුද්‍රීය සම්පත රැකගැනීම සඳහා බව පවසමිනි. කෙසේවෙතත් එම තීරණයට විරෝධය පළකරමින් සහ එම තහනම ඉවත් කරන්නැයි ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක වින්ච් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පෙබරවාරි 5 වැනිදා සත්‍යග්‍රහයක් ඇරඹීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ