Sri Lanka
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ පුරප්පාඩුවකට නාමයෝජනා කැඳවයි
12 | 2026-02-10 01:20 PM
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව සඳහා පත්කිරීමට නාමයෝජනා කැඳවා තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිර්දේශ කිරීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(1) (ඇ) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිවිල් සමාජ සංවිධාන වෙතින් මෙම නාමයෝජනා කැඳවා ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(2) (අ) (i) වගන්තිය ප්‍රකාරව, කොමිෂන් සභාවේ සාමාජිකයන් නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීනත්වය සහිත පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් විය යුතුය. තවද, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(2) (අ) (ii) සිට (v) වගන්තිය ප්‍රකාරව, එසේ නාමයෝජනා කරනු ලබන නාමිකයන්, • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ යම් පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නොවිය යුතුය. • යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක් හෝ වෙනත් ලාභදායී ධුරයක් දරන තැනැත්තන් නොවිය යුතුය. • යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවිය යුතුය. • යම් ව්‍යාපාරයක් කරගෙන යනු නොලබන හෝ යම් වෘත්තියක නොයෙදිය යුතුය. පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (http://www.parliament.lk) ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයකට පත් කිරීම' නමින් පළ කර ඇති නාමයෝජනා පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු අතර නිවැරදිව සම්පුර්ණ කරන ලද නාමයෝජනා 2026 පෙබරවාරි 15 වැනි දින හෝ ඊට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ http://constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය. එවනු ලබන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් තැපෑලෙහි විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයකට පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ