Sri Lanka
ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළට - දැඩි නිර්ණායක ලිහිල් කිරීමට පියවර
11 | 2026-02-11 09:55 AM
ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළ දැමීමට එහි පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය ඊයේ(10) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. කමිටු නිර්දේශවලට අනුව, දැනට ලබා දෙන වෛද්‍යාධාර ගාස්තු සංශෝධනය කරමින් එම ආධාර මුදල වැඩි කිරීමට තීරණය වී ඇති අතර වෛද්‍යාධාර ලබාදීමේදී පවතින දැඩි නිර්ණායක ලිහිල් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ආධාර ලබාගත හැකි වන පරිදි එම ක්‍රමවේදය සරල කිරීමටද මෙහිදී එකඟතාව පළවී ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා රුපියල් ලක්ෂයක එකවර ගෙවන ආධාර මුදලක් ලබාදීමට ද ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. රජයේ රෝහල්වල හෘද සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අවම කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද මෙම රැස්වීමේ දී අවධානය යොමුව ඇති බව සඳහන් වේ. ජනාධිපති අරමුදලේ මූල්‍ය තත්ත්වය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති අතර, අරමුදල මගින් ආධාර ලබන්නන්ගේ ප්‍රමාණයන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙබ් අඩවියේ පළ කරමින් ජනාධිපති අරමුදලේ විනිවිදභාවය තහවුරු කිරීමට ද මෙහිදී උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ