Sri Lanka
අල්ලස් ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ ගුරු උපදේශකයෙකු අත්අඩංගුවට
12 | 2026-02-11 10:10 AM
දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකරු සේවය අතහැර යාම හේතුවෙන් ඔහු නැවත සේවයේ පිහිටුවා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දෙහිඅත්තකණ්ඩිය කළාපන අධ්‍යාපන කාර්යාලයට කර තිබූ අනුයුක්තය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 50,000ක මුදලක් සැකකරුවන් ඉල්ලා තිබේ. එහිදී එම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව වත සැකකරුවන් දෙපළ ඊයේ පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ