Sri Lanka
ඉන්දියාවේ අහ්මදාබාද් සහ කොළඹ අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට යයි
10 | 2026-02-11 10:40 AM
ඉන්දියාවේ අහ්මදාබාද් සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ මේ වසරේ අප්‍රේල් මාසයේ සිට එම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය. "අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට ගුජරාට්වල අහ්මදාබාද් සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරන්න. මේත් සමග ශ්‍රී ලංකාවේ බැතිමතුන්ට අවස්ථාව උදා වෙනවා ගුජරාට් ගිහින් වන්දනාමාන කටයුතු සඳහා සම්බන්ධ වෙන්න."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ