Sri Lanka
ඉතිහාසය වෙනස් කරමින් 2025 LPL සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්
45 | 2025-10-07 06:43 AM
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබේ. ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරටය. මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලද ඉන්දීය ක්‍රීඩයින් ක්‍රීඩා කර තිබුණි. එසේ වන්නේ, ඉන්දිය සංචිත ගත හෝ IPL සඳහා ක්‍රීඩා කරන ඉන්දීය කිසිදු ක්‍රීඩකයෙකුට ලෝකයේ වෙනත් ක්‍රිකට් ලීගයක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අවසර ලබානොදීම හේතුවෙනි. ‍ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර දෙසැම්බර් 1 වනදා ආරම්භ වීමට නියමිතය. එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරගාවලිය පැවැත්වෙන බව තරග සංවිධායකින් පවසයි. විස්සයි20 තරගාවලි රටාවේ ලීග් තරග 20ක් සහ පිළිමළුන් පිටුදැකීමේ තරග 4ක් ඇතුළුව මුළු තරග 24ක් ඇතුළත්ය. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියරය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයන් වලදී පැවැත් වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ