Sri Lanka
කැනඩාවේ පාසලක වෙඩි තැබීමක් - හත් දෙනෙකු මරුට
11 | 2026-02-11 10:55 AM
කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් හත් දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් තවත් සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බව සඳහන්ය. ඔවුන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ. වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී පාසල තුළ සිසුන් රැසක් සිට ඇති අතර, සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ විසින් පාසල් පරිශ්‍රය සම්පූර්ණයෙන් වටලා ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්ත කරයි. ආරක්ෂක අංශ විසින් සිදුකල වෙඩිතැබීමෙන් වෙඩික්කරුද මියගොස් ඇති බව වාර්තා වෙයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ