Sri Lanka
කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට
21 | 2026-02-11 02:45 PM
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අද (11) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. ඒ අනුව, ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පරහදීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය. මෙම තරගය තව සුළු වේලාවකින් අහ්මදාබාද් හිදී ආරම්භ වීමට නියමිතය. මේ අතර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙයි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරගය සවස 3.00ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි. එමෙන්ම එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.00 වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ