Sri Lanka
කථානායකගේ පෞද්ගලික ලේකම්ට එරෙහිව සජබ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට
16 | 2026-02-11 03:00 PM
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ විමර්ශනවලට බාධා වන අයුරින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (11) පැමිණිල්ලක් ගොනු කළේය. ඔවුන් එම පැමිණිල්ල මගින් පෙන්වා දෙන්නේ කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මීට පෙර ගොනු කර ඇති පැමිණිල්ලේ සඳහන් කරුණුවලට අදාළ වාර්තාවක් කථානායකවරයාට ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරියට දැනුම් දී ඇති බවය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට දූෂණ චෝදනා එල්ල කරමින්, වැඩ තහනමට ලක්ව සිටින චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉකුත් දෙවැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. තමාට හිමි ප්‍රමාණය ඉක්මවා නිලවාහන භාවිත කිරීම, නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබාගැනීම හා නිල නිවාස දෙකක් භාවිත කිරීම ඇතුළු චෝදනා රැසක් චමින්ද කුලරත්න මහතා සිය පැමිණිල්ලෙන් කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබුණි. එවන් පසුබිමක අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට යොමු කළ ලිපියක් පිළිබඳ පෙබරවාරි 05 වැනිදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදි කරුණු අනාවරණය කළේය. කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා යොමු කර ඇති මෙම ලිපිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට එම මන්ත්‍රීවරයා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ