Sri Lanka
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අගමැතිනිය හමුවෙයි
13 | 2026-02-11 03:05 PM
ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය වන Shannon Cowlin මහත්මිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත. දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂ තනතුරට පත් Shannon Cowlin මහත්මියට සුබ පැතුම් එක් කළ අතර ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය අගය කළාය. ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන වැඩසටහන් සඳහා ADB බැංකුව විසින් ලබාදෙනු ලබන අඛණ්ඩ සහයෝගය ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය. ස්වභාවික විපත්වලින් ඇතිවන බලපෑම් අවම කර ගැනීමේදී ADB බැංකුව වැනි ආයතනවලින් ලැබෙන එවැනි සහයෝගයන්ගේ වැදගත්කම සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, 'දිට්වා' සුළි කුණාටු තත්ත්වය යටතේ ADB බැංකුව විසින් ලබා දුන් සහාය පැසසුමට ලක් කළා ය. රට නැවත ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළුව සුළි කුණාටු තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීමට සූදානම් බව ADB නියෝජිත පිරිස අවධාරණය කළ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව ද තවදුරටත් සඳහන් කළහ. මෙම අවස්ථාවට SARDMs හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Cholpon Mambetova, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, මුදල් අමාත්‍යාංශයේ ආසියානු සංවර්ධන බැංකු අංශයේ අධ්‍යක්ෂ රංජිත් ගුරුසිංහ මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ